හංසයා සහ සිංහයා

Posted on 2010/01/18

3


කඩේ යන්නට උවමනා නැතත් මේ සිද්ධ වෙන දේවල් වලට හිනා වී මදි වී ඒවා කියන්නට යන විට කඩේ යනවා මෙන් පේන්නට පුළුවන. එහෙම කියා හිනාවෙන්නට (හෝ අඬන්නට) ඕනෑ අයට ඒ කෘත්‍යය කරගැනීම සඳහා මේවා ලියන්නට ඕනෑය. ළමා ආතල් එකක් වූවාට ගත්තාට කමක් නැත.

ලංකාවේ හංසයන් නැති බව පහුගිය දවසක ගීතා කුමාරසිංහ කීවාය. ඒත් චිරාත් කාලයක් පුරා ලංකාවේ ජාතික කොඩියේ වැජඹෙන සිංහයන්ද ලංකාවේ නැත. ඈත අතීතයේ සිටියාය කියන කතා මිස දන්නා ඉතිහාසෙක සිංහයෙක් ගෑවුණ තැනක් හෝ අප ඉගෙන ගත් ඉතිහාසයේ නැත. (තිබේ නම් නොදන්නා මා හට ද දැනගැනීමට කියත්වා)

ඉතිං මේ කතා කියන අය සහ අසන අප ගැන ලාවට දුකක් දැණෙන එක වලක්වන්නට බැරිය.

Advertisement