ඇවටර් චිත්‍රපටයේ ඇත්තේ තමන්ගේ පාර්ශවය අමතක කර වෙනත් පැත්තක් ගන්නා මිනිසෙකුගේ කතාවයි.
චිත්‍රපටය කෙතරම් හොඳ වුවද, එය කවුරුන් අධ්‍යක්ෂණය කලද මේ දී ඇති ආදර්ශය නම් ජාතියක් වශයෙන් අපට හොඳ නැත.
ජාතියක් වශයෙන් ඉදිරියට යාමේදී මෙවැනි ස්ව ජාතියට පිටුපාන කතා ජාතියට පෙන්වීම එතරම් සුභවාදී ද නැත.
සමහර විට මේ දවස්වල ඡන්දෙට බැහැලාම වැඩ නිසා අපේ ජාතික ඇමතිවරුනට ඇවටර් බලන්නට නොහැකි වුණා වන්නට පුළුවන. ඒත් ඡන්දය අවසන් වී පත්වෙන කුමන හෝ ජාතික ජනාධිපතිවරයෙක් යටතේ මේ විජාතික කුමන්ත්රණකාරී චිත්‍රපටය තහනමට ලක්වීමට ඉඩ තිබේ.
ඒ නිසා දැන්ම චිත්‍රපටය බලාගන්නේනම් හොඳය.
Advertisement
පිටස්තරයා
2010/01/07
හික්!
මැක්සා!
madura
2010/01/07
මං හිතන්නේ නෑ දැන් තියෙන ලංකාණ්ඩුවට එහෙම “පිස්සුවක්” තියෙනවා කියලා ඔය වගේ චිත්‍රපටයක් තහනමට ලක් කරන්න. ජාතියට අවශ්‍ය දේ ජාතිය බලයි, කොහොම වුනත් ඕක දැන් ලංකාවේ ප්‍රදර්ශනය වන්නේ රැගුම් පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද්දක් නිසා, ඔබගේ දේශපාලන දර්ශන මොනවා වුනත් “??” සමඟ තාම සිදු නොවූ දේවල් ගැන කියවන්නන් නොමඟ යා හැක! — ඔබට එය ම උවමනා වූවාද ?
Sam
2010/01/07
මදුර, ලංකා ආන්ඩුව තහනම් කරපු චිත්‍රපටි පොත් පත් දැක්කෝතින් පිස්සු හැදේයී.
Niroshinie
2010/01/07
@madura
‘මං හිතන්නේ නෑ දැන් තියෙන ලංකාණ්ඩුවට එහෙම “පිස්සුවක්” තියෙනවා කියලා’
ඩා වින්චි කෝඩ් චිත්‍රපටය තහනම් කරන්න නම් පිස්සුවක් තිබුනා. හිකිස්. රෝමය ට වත් එච්චර අමාරුවක් තිබුනෙ නෑ.
Awak
2010/01/10
@ පිටස්තරයා – හ්ම්ම්
@ මධුර – කියවන්නන් නොමග යන්න තරම් දේවල් මම ලියල නෑ. මේක උත්ප්රාසාත්මක සටහනක් කියල තේරුම් ගන්න බැරි පොඩි ළමයි මේක කියවනව වෙන්න බෑ. දේශපාලන දර්ශණයක් නම් මට නෑ.
@ සෑම් – ඔව් ඔව්.. ඒ නිසා නොකියන එක හොඳයි නේ
@ නිරෝෂිනී – ඒකනේ